ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක (Hand Sanitizer) ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
එම තහනම බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2021 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම බලපැවැත්වේ.