නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට මුහුණ දෙන අපහසුතා පිළිබඳව ලංකාසර අද උදෑසන සිදු කළ අනාවරණයෙන් පසුව කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේ ඇති නිරෝධයන මධ්‍යස්ථානයේ සිදුවන අඩුපාඩු වහා නිවැරදි කිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කඩිනමින් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.
මේ අනුව එම ස්ථානයේ ගොඩනැගිල්ලේ පැවැති අඩුපාඩුවල සිට ජල පහසුකම් ප්‍රශ්න නිලධාරීන්ගේ නවාතැන් පිළිබඳ ප්‍රශ්න මෙන්ම එක් එක් නිලධාරීන්ගේ ආහාර පාන අවශ්‍යතා පිළිබඳ වද සොයා බැලීමකට ලක් කර ඇති අතර මේ වනවිට එම අඩුපාඩු බොහෝ විට සම්පූර්ණ වී ඇති බව ලංකාසර වෙත වාර්තා වේ.
කෙසේ වුවද අරලගංවිල ඇතුළු තවත් නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකම දුර්වලතා පවතින බවත් අවම වශයෙන් ඇඳන් අතර පරතරය මීටරයක දුරින් නොතබන තත්ත්වයක කටයුතු සිදුවන බවත් මෙම අඩුපාඩුද වහා නිවැරදි කිරීමට පොලිසියේ ආදළ බලධාරීන් කඩිනම් පියවර ගනු ඇති බව ලංකාසර අපි බලාපොරොත්තු වෙමු.