නතාෂා නෙත්මිණි –
කොවිඩ් එන්නත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත් වූ නමුත් මේ වනවිටත් මෙරටට ගෙන්වන්නේ කුමන රටක නිෂ්පාදනය කර තිබෙන එන්නත යන්න පිළිබඳව නිගමනය කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් ලංකාසරට පැවසීය.
එන්නත් මිලදී ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ඉන්දීය එන්නත වුව ද මෙය ඉදිරියේදී වෙනස් විය හැකි යැයිද ඔහු කීවේය.
ඉදිරියේදී එන්නත් කොපමණ ප්‍රමාණයක් අපට නොමිලේ ලැබෙන්නේද කොපමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට සිදුවන්නේද යන්න පිලිබඳව මෙතෙක් අදහසක් නොමැති බව ද වෛද්‍ය අල්විස් සඳහන් කළේ්ය.