කීර්ති ප්‍රනාන්දු –
දින පහක සේවා මුරයකින් පසු තමන්ට නියමිත දින 02ක විවේකය ඉල්ලා ගම්පහ රෝහලේ සුළු සේවයකින් නැවත වරක් වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් රෝහල් කටයුතු අඩපණ වී ඇතැයි ගම්පහ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම පැවසුවේය.
පවතින කොවිඩ් උවදුරු තත්වය හමුවේ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව හෙද කාර්ය මණ්ඩල සඳහා ලැබිය යතු මෙම නිවාඩුව ලබා නොදීමට විරෝධය දැක්වමින් එම නිවාඩුව ලබා ලබදෙන තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ ශාඛාවේ සභාපති ආර්.පී.කේ.රත්නායක ලංකාසරට පැවසීය.
ඉතා අසීරු තත්වයෙන් වුවද සියලුම ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.