දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය රෝහලේදී මියගිය යාචකයෙකුගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඊයේ ( 7 ) සොයා ගෙන තිබේ.
කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත්රී රෝද රථ හිමියන් විසින් රෝහල් ගත කොට ඇත.
රෝහලේදී ඔහු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර රෝහල් සේවකයෝ මළ සිරුර රජයේ වියදමින් භූමදානය කරණ තුරු රෝහල් මෘත ශරීරාගාරයට යැවීමට පියවර ගෙන තිබේ.
යාචක රෝගියා සතු බඩු බාහිරාදිය වෙනත් තැනකට යැවීම සදහා එකතු කළ අවස්ථාවේදී එම යාචකාගේ කිළුටු බෑගයක් පරීක්ෂා කළ සේවකයින්ට බෑගය තුළ තිබූ මෙම මුදල හමු වී ඇත.