දිනසේන රතුගමගේ
අධික වේගයෙන් ගමන් ගත් ටිපර් රථයක් 4 දා සවස කිළිනොච්චියේ ඉත්තාවිල් ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 20 ක් පමණ දුම්රිය මාර්ගයේ ධාවනය වී තිබේ.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ යාපනයේ සිට අලිමංකඩ දක්වා ගමන් කළ ටිපර් රථයකි.
රථය අධික වේගයෙන් ගමන් කිරීම නිසා රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මේ අනතුර සිදු වූ බව කිළිනොච්චියපොලීසිය ප්රකාශ කරයි.
දුම් රියක් පැමිණීමට පෙර ප්රදේශවාසීන් විසින් දුම්රිය මාර්ගයේ තිබූ ට්රක් රථය ඉවතට ගෙන තිබේ.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.