පාර්ලිමේන්තු මන්ත්රී රිෂාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා වෙත උපදෙස් දී තිබේ.
ඒ 2019 ජනාධිපතිවරණ දින ඡන්දය ප්රකාශ කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අවතැන්වූවන් ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් රාජ්ය අරමුදල් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීම යන චෝදනා මතයි.