රිමාන්ඞ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ මඩකලපුවේ කාර්යාල ගොඩනැගිල්ලක් විවෘත කිරීමට සහභාගී වූයේ කෙසේදැයි යාපනය දිස්ත්‍රික් (ද්‍රජාස) මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් අද 12 පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
එපමණක් නොව පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඊට පෙරදින මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමටද සහභාගීවී ඇතැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවැසුවේය.
“මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන් තුන් දෙනෙක්ට රිමාන්ඩ් භාරයේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී විමේ වරප්‍රසාදය ලැබෙනවා. මේ වරප්‍රසාදය යොදා ගනිමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රිවරයා මීට දින දෙකකට කලින් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරන රැස්වීමට සහභාගි වී එහි මුලසුන දැරුවේ කෙසේද. ඔහු ඊයේ මඩකලපුවේ කාර්යාල ගොඩනැගිල්ලකුත් විවෘත කළා.
කොහොමද එහෙම වෙන්නේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇසුවේය.