දිනසේන රතුගමගේ –
ස්වර්ගස්ත වූ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ අවසන් කටයුතු 5 වෙනිදා පස්වරු 3 ට මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට යාපනය රදගුරු නිවසේ තැන්පත් කොට ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පමිණෙමින් සිටින අතර 2 දා දහවල් යාපනයේ සිට මන්නාරම රදගුරු නිවස වෙත දේහය රැගෙන එනු ලබන අතර මන්නාරම වෙල්ලාන්කුලම් ප්‍රදේශයේදී උන්වහන්සේගේ දේහය මන්නාරමේ පූජකවරුන් විසින් බාර ගනීමට නියමිතය.
අප්‍රේල් මස 4 වෙනි ඉරිදා දක්වා දේහය මන්නාරම රදගුරු නිවසේ හා ඊට ආසන්නයේ පිහිටි දෙව්මැදුරේ තැන්පත් කෙරෙන අතර ඉරිදා දහවල් එම දේහය මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර වෙත පෙරහැරකින් රැගෙන ගොස් එහිදී 5 වෙනිදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
ආදාහනය සිදු කෙරෙන දිනය උතුරු පළාතේ වැසියන් ශෝක දිනයක් වශයෙන් සලකන ලෙස උතුරේ කතෝලික ආගමික නායකයින් හා දේශපාලනඥයෝ ඉල්ලීමක් කොට තිබේ.