පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
දැනට කොවිඩ් ආසාදනය වූ හත්වැනි පාර්ලිමේන්තු නියෝජිතයා ඔහුය. මීට පෙර රවුෆ් හකීම්, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි , පියල් නිශාන්ත, වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු නියෝජිතයන්ට කොවිඩ් වෛරසය ආසාදනය විය.
තමන් කොවිඩ් ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි අමාත්‍යවරයා තහවුරු කළේය.
ඒ අනුව ඇමතිවරයාගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.