කුරණෑගල නගර මධ්‍යයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධ සිද්ධියට අදාලව අද (24) නීතිපති දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල අධිකරණයේ නඩු පැවරීය.
ලබන 30 වෙනිදා යළි නඩුව කැඳවන බවත් ලබන 28 වන දා වනවිට ගොඩනැගිල්ලේ පෞරාණිකත්වය සම්බන්ධ පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
එතෙක් මෙම විනාශ කළ පුරාවිද්‍යා ස්මාරකය අවට ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස අධිකරණයි විසින් ප්‍රකාශට පත් කළේය.