තව දුරටත් රාජපක්ෂලා පසුපස ගොස් පීචං නොවී විනාශ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළා ගොඩ නැගීමේ සාමුහික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
මැතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වැඩක් ගත්තා මිස පක්ෂයට ගෞරවාන්විතව සැලකීමට ඔවුන් කටයුතු නොකළ ආකාරය ඇය පෙන්වා දෙයි.
“ ශ්‍රී.ල.නි.ප සභාපති ට තනතුරක් දුන්නෙ නෑ, එක්කෙනෙකුට දීලා තියනවා බතික් ඇමතිකමක්. කිසිම ආයතනගත සැලැස්මක් නෑ. මෙහෙම ගිහින් තවත් විනාශ වෙන්න අවශ්‍ය නෑ. රාජපක්ෂලා මේ පක්ෂය විනාශ කළ ප්‍රමාණය ඇති. ශ්‍රී.ල.නි.ප.ය නැවත ගොඩනගන්න ක්‍රියා කරන්න. ඊට මගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානම්… “ ඇය වැඩිදුරටත් කීවාය.