ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම පරාජයෙන් අනතුරුව ජාතික ලයිස්තුවෙන් හිමි කරගත් එකම එක මන්ත්‍රී ආසනය නියොජනය කිරීම සඳහා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව එ.ජා.ප ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ වනවිට එකම මන්ත්‍රී ආසනය වෙනුවෙන් අකිලි විරාජ් කාරියවසම් හෝ රුවන් විජේවර්ධන තෝරාගන්නට පක්ෂය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
අකිල හෝ රුවන් එම මන්ත්‍රී ධූරය වෙනුවෙන් යෝජනා කරත්ම එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් පක්ෂයට ලැබෙන එකම එක මන්ත්‍රී ධූරය තමන්මිට හිමි කරගැනීමට කුලල් කා ගැනීමට පටන් ගෙන ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.
“ මේ පොරය දැක්කම කලකිරෙනවා… පක්ෂයට හැමදාම උනේ මේකයි… මේ විරසකය දුරදිග ගියහොත් එ.ජා.ප බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන එකක් නෑ… “ කලකිරුණු එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.