එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක මහතා කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවා ඇත.
නිහාල් ජයතිලක මහතා සිදුකර තිබෙන පැමිණිල්ල මගින් පසුගිය ආණ්ඩුව විසින් පත්කරන ලද දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.
මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 9.30 ට පමණ කොමිසම හමුවට පැමිණීමට නියමිතව ඇත.