සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සිව් වසරක සිර දඬුවම හිමිවීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී දුරයද අහෝසී වී යනු ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින අජිත් මාන්නප්පෙරුම මහතා මෙම පුරප්පාඩුවට පත් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය 2020 මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රන්ජන් රාමනායක මහතා මනාප 103992ක් ලබා ගනිමින් සමගි ජනබලවේග මනාප ලයිස්තුවේ දෙවැනි තැනට පැමිණි අතර තේරී පත් නොවූ අපේක්ෂයන් අතරින් ඉහළින්ම සිටිනුයේ හිටපු නියෝජ්‍ය අමා්යයවරයකු ලෙස කටයුතු කළ මාන්නප්පපෙරුම මහතාය.
මේ අතර රන්ජන් රාමනායක මහතා මීගමුව පල්ලන්සේන සිර කඳවුරේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කොට ඇත