මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ එක්දින සේවාව නවත්වා තිබෙන බැවින් රථයක හිමිකම් පොත වෙනුවට මින් ඉදිරියට සී. එම් .ටී- 07 පෝරමය ඕනෑම අවස්ථාවක භාවිතා කළ හැකි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ භාවිතයෙන් ඉවත දමා තිබූ ලංගම බස් රථ කිහිපයක් ප්‍රතිසංස්කරණය කර යළි ධාවනයට එක් කිරීම නිමිත්තෙන් මහනුවර උතුරු ඩිපෝවේදී පැවති උත්සවයකින් පසුය.
රටේ පවතින තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට වසා දැමීමට සිදුව ඇති බැවින් ද,වාහනයක් පැවරීමේ දී නව පැවරුම් විස්තර සහිතව පොත වාහනේ නව හිමිකරු වෙත ලැබීමට දින 21 ක් වැනි කාලයක් ගත වන බැවින් ද මේ තීන්දුව ගත් බව රාජ්‍ය ඇමතිවරයා කීය.
එබැවින් පැවරිම් අවස්ථාවකදී වාහනය පැවරුම්ලාභියා අනිවාර්යෙන්ම සී එම් ටී 07 පත්‍රිකාව ලබා ගත යුතු බවත් එම පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් මෙතෙක් වාහනයේ ලියාපදිංචි පොත ඉදිරිපත් කිරීමෙන් ලබාගත් සියලු සේවාවන් ලබාගත හැකි බවත් අමතිවරයා පැහැදිලි කළේය.