අද (14) දිනවන විට ලංකාවෙන් වර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 50000 ඉක්ම වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. ඒ අනුව මෙතෙක් ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50132කි.
ඉන් පුද්ගලයින් 46435ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ඇති බවත් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යසථානවල තවත් 6718ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වේ. ත්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81ක පුද්ගලයින් 6703ක් නිරෝධායනය වෙමින් සිටිති.
අද උදෑසන 6 වනවිට පසුගිය පැය 24 තුළ රෝහල්වලින් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් අති සංධ්‍යාව 646ක් බව දක්වා ඇත.