ඇල්ෆා ටොක්සීන් නැමැති පිළිකා කාරක විෂ රසායනය අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් කරන තහවුරු කර රට තුළට අතුළු නොකර ප්‍රති අපනයනය සඳහා නිර්දේශ කර තිබූ පොල් තෙල් බහාලුම් 13ක් වෙළෙඳපලට මුදා හැර ඇති බවට වූ සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මීල් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ වනතුරු කිසිම පාරිභෝගිකයෙකුගෙන් මෙම පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී නැතත් තමා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව හෙළිදරවු කර පාර්ශව හා ඒකාබද්ධව තොරතුරු ලබාගෙන අදාල පරීක්ෂණ ආරම්භ කරන ලෙස බවය.
මෙම පොල්තෙල් බහාලුම් රට තුළට අතුළත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රේගුවට දැනුම් දී තිබිය දී ඒවා රට තුළට පැමිණ ඇතිනම් ඒ සිදුව ඇත්තේ රේගුවෙන් බව කී ඇමතිවරයා ඒ සම්බන්ධව වැඩි දුර විමර්ශනයක් මුදල් අමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති බවය.
මෙම පොල්තෙල් ඇති එක තැනක් හෝ ඇතිනම් ඒ පිළිබඳව දන්වන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.