ශ්‍රියානි විජේසිංහ –
රටතුළ පසුගිය වකවානුවේදී දැවැන්ත ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වූ බවත් ඉදිරියේදී එම මාෆියාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඖෂධ නිෂ්පාදන, සැපීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.
සමාගම් කීපයක් සමග එකතු වි ඇතැම් පුද්ගලයින් මෙම ඖෂධ මාෆියාව ජයටම කරගෙන ගිය බවත් එයින් රෝගී ජනතාව ගසාකෑමකට ලක් වූ බවත් ඇමතිවරයා පෙන්වාදෙයි.
ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතු ස්ථීරසාර වැඩපිලිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තමාගේ බලාපොරොත්තුව යැයිද ඇමති ජයසුමන මහතා අවධාරණය කරයි.
ඇමතිවරයා මේ අදහස් පළ කළේ අද(14) සවස සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාලයේදි සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ය.