මත්කුඩු තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිබඳ සියලු විස්තර මේ වනවිට අනාවරණය වී තිබේ.
ඔවුන්ගෙන් එක් අයකු 2017 වර්ෂයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පිළියන්දල දී ඝාතනයට තැත් කිරීමට ඔත්තුකරුවකු සේ පෙනී සිටි නවාස් නැමැත්තා ද සිටින බව හෙළිදරව් වී ඇත.
නියෝමාල් රංගජීව මහතා මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම් සඳහා යොමුවී සිටීම හේතුවෙන් ඔහු ඝාතනයට තැත් කර තිබුණේ පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු ය. ඔහු ඩුබායි සිට සැලසුම්කර පාතාල කල්ලියක් මගින් රංගජීව මහතා ඝාතනය කිරීමට පොලිසියට ව්‍යාජ ඔත්තුවක් දී පිළියන්දලට රැගෙන ගොස් ඇත්තේ මෙම නවාස් නැමැත්තා ය. පසුව ඔවුහු ඉන්දියාවේ ගෝව ප්‍රදේශයට බිරිඳ සමඟ පැනගොස් ඇති අතර එහිදීද මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත .
අනෙක් පුද්ගලයා පසුගිය නොවැම්බර් විසිපස් වැනිදා දකුණු ඉන්දියානු වෙරළේ දී මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් ශෙනායා දුව නැමැති බෝට්ටුවේ හිමිකරු බව ආරක්ෂක අංශ මගේ මෙරට පොලිසියට දැනුම් දී තිබේ.