දිනසේන රතුගමගේ
යුද්ධය හේතුවෙන් වයස අවුරුදු තුනේදී හා හතරේදී දෙමව්පියන් අහිමිව ගොස් වවුනියාවේ ළමා නිවාසයක ජීවත් වූ ගැහැණු ළමුන් දෙදෙනෙකු නිසි වයස සම්පූර්ණ වීමෙන් පසුව විවාහ දිවියට ඇතුළත් වූයේ නව දෙමව්පියන් දෙදෙනෙකු යටතේය.
වවුනියාවේ වේප්පන්කුලම ළමා නිවාසයේ වයස අවුරුදු 18 ක් වන තුරුම රැදී සිටි බහිරතා නැමති තරුණියගේ දෙමව්පියන් වශයෙන් වවුනියාව දිසාපති එස්.එම්.සමන් බන්ධුලසේන මහතා සහ එම මැතිණිය ඉදිරිපත් වී සිටියහ.
හින්දු සංස්කෘතියට ගැලපෙන ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටි එම යුවල චාරිත්‍ර ඉටු කළේද හින්දු ක්‍රමයට අනුවය.
අනෙක් තරුණිය වු දහනව හැවිරිදි දුර්ගා වෙණුවෙන් දෙමව්පියන් වශයෙන් පෙනී සිටියේ වවුනියාව නගර සභාවේ ලේකම් රාසයියා දයාබරන් මහතා සහ එම මැතිණියයි.
වවුනියාවේ දෙමළ ස්වේච්ඡා සංවිධානයක කටයුතු කරණ චන්ද්‍රකුමාර් කන්නන්,විග්නා කිරුබාකරන්, ටී. ශිවකුමරන් යන අයගේ ප්‍රධානත්වයෙන් හා මූල්‍ය දායකත්වයෙන් මෙම විවාහ උත්සවය වවුනියාවේ සාමි අම්මාන් කෝවිලේදී පැවැත්වුණි.
විවාහයට පත් තරුණියන් දෙදෙනා කිළිනොච්චිය ප්‍රදේශයේ ජීවත්ව සිටියදී ඔවුන්ගේ දෙමව්පියන් යුද්ධය හේතුවෙන් ඔවුන්ට අහිමි වී යාමෙන් පසුව ඔවුන් වසර විස්සකට ආසන්න කාලයක් වවුනියාව වෙප්පන්කුලම හින්දු කෝවිල මගින් පවත්වා ගෙන යන ළමා නිවාසයේ ජීවත් වී තිබේ.