දිනසේන රතුගමගේ
යාපනය ඇතුලු උතුරේ වෙළද සැල්වල රත්තරන් පවුමක මිල කොළඹ මිල ගණන්වලට වඩා රුපියල් 10000 ත් 15000 ත් අතර මිලක් දක්වා ඉහල ගොස් තිබේ.
කොළඹදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 97500 ක් වශයෙන් පවතින විට යාපනයේදී එම පවුමක මිල රුපියල් එක්ලක්ෂ ලක්ෂ එකොළොස්දාස් පන්සීයක් වී තිබේ.
කැරට් විසිදෙකේ රන් පවුමක මිලද කොළඹ මිලට වඩා යාපනයේ රුපියල් 12000 කින් ඉහල ගොස් ඇත.
මේ පිළිබදව යාපනයේ ජනතාව කියා සිටියේ උතුරේ කෝවිල් උත්සව සමය එළඹීමත් සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී හින්දු බැතිමතුන්ගේ විවාහ මංගල උත්සව වැඩි වීමත් නිසා රන් මිල ඉහල ගොස් ඇති බවයි.
හින්දු බැතිමතුන්ගේ විවාහ මංගල උත්සව බහුලව පැවැත්වෙන මැයි හා ජූනි මාසවලදී මෙවර එම උත්සව කොරෝනා වසංගතය නිසා කල්දැමීම නිසා විවාහ උත්සව ගණනාවක්ම සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලට කල් ගොස් ඇති බවද යාපනයේ වැසියෝ කියා සිටිති.