දිනසේන රතුගමගේ –
යාපනයේ නාවන්තුරෙයි කාකතීව් ප්‍රදේශයේ පිහිටි කසල ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානය ඊයේ ( 31 ) දා රාත්‍රී ගිනි ගෙන දැවී ගියේ කඩාකප්පලකාරී ක්‍රියාවක ප්‍රතිපලයක් වශයෙන් බවට තොරතුරු ලැබෙමින් තිබේ.
යාපනය මහ නගර සභාව විසින් කාකතීව් ප්‍රදේශයේ පිහිටි කසල කන්ද උපයෝගී කරගෙන කසල ප්රතිචක්රීයකරණ වැඩ සටහනක් මීට වසර දෙකකට ඉහතදී ආරම්භ කළ අතර ඊට මහජන විරෝධයද එල්ල වී තිබුණි.
ගින්න හටගත් අවස්ථාවේදී යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගිනි ගනිමින් තිබූ කසල කන්ද නිවා දැමීම නිසා කසල ප්රතිචක්රීයකරණය කිරීම පිණිස සවිකොට තිබූ යන්ත්‍ර සූත්‍ර බේරා ගැනීමට හැකි වී තිබේ.
යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.