දිනසේන රතුගමගේ
යාපනය පොලීසිය විසින් යාපනය නගරය තුළ හදිසි සෝදීසි කිරීමක් අද (31) සවස ආරම්භ කොට තිබේ.
සති අන්ත දීර්ඝ නිවාඩුව මැද විශාල පිරිසක් කොළඹ හා දකුණේ වෙනත් පළාත්වල සිය යාපනයට පැමිණ ඇති නිසා ඔවුන් අතර කොරෝනා රෝගීන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන ආ පිරිස් ඇත්දැයි සෙවීම පිණිස මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇත.
පරීක්ෂාවට ලක් කෙරුණු පිරිස අතර සිටි සැක කටයුතු පිරිසක් කොරෝනා රෝගය සදහා වූ ඇන්ටිජන් පරීක්ෂණ වෙතද යොමු කොට තිබේ.
පොලිස් නිලධාරීන් 200 ක් පමණ මේ මෙහෙයුම සඳහා යොදවා සිටිඅතර ඔවුන් නගරය හා තදාසන්න පළාත් වල ලැගුම් හල් වල හා මාර්ග වල නවතා තිබූ වාහන හා පුද්ගලයින්ද දැඩි පරීක්ෂාවට ලක් කොට තිබේ.