දිනසේන රතුගමගේ –
යාපනය නගරයේ මහා මාර්ග වල කෙළ ගසන පුද්ගලයින්ට රුපියල් 2000 ක්ද මාර්ග අවහිර වන සේ වාහන නතර කරන්නන්ට රුපියල් 3000 ක්ද ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය කරන්නන්ට රුපියල් 5000 ක් ද මේ මස 10 වෙනිදා සිට දඩ වශයෙන් ගිවීමට සිදුවන බව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ ( 7 ) පැවසීය.
යාපනය මහ නගර සභාවේ පැවති මාධ්‍යහමුවකදී මෙ බව කියා සිටි නගරාධිපතිවරයා යාපනය නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
යාපනය මහ නගර සභාවේ පැවති මාධ්‍යහමුවකදී මෙ බව කියා සිටි නගරාධිපතිවරයා යාපනය නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
මෙම දඩ මුදල් අය කිරීමේදී පුද්ගලයින්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට තමන් සියළුම නිලධාරීන්ට උපදෙස් දුන් බවද නගරාධිපතිවරයා සදහන් කළේය.