දිනසේන රතුගමගේ –
යාපනයේ විවිධ ස්ථාන වල පසුගිය දිනවල කඩු හරඹ පෑ තරුණයින් තුන්දෙනෙකු යාපනයේ චුන්නකම් පොලීසිය විසින් 25 දා කඩු හා තවත් සියුම් ආයුධ කීපයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් තුන් දෙනා අතර යාපනය කීරමලේ ප්රදේශයේදී දෙමළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයෙකුට කඩුවකින් කෙටූ සිද්ධියට සම්බන්ධ තරුණයෙකුද සිටින බව චුන්නාකම් පොලීසිය පවසයි.
පොලිසිය විසින් අත් අඩංගුවට ගත් යාපනයේ කඩු කරුවන් තුන්දෙනා වයස අවුරුදු 20,23 හා 25 යන වයස් කාණ්ඩවලට අයත් තරුණයින් වන අතර පොලීසිය පවසන්නේ ඔවුන් යාපනයේ ක්රියාත්මක ”ආවා කල්ලිය” වැනි කල්ලි වලට යම් සම්බන්ධතාවයක් ඇද්දැයි යන්න පිළිබදව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.
සැකකරුවන් තුන් දෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.