දිනසේන රතුගමගේ –
යාපනයේ කාන්තාවක් විසින් මෙහෙයවන ත්‍රී රෝද රථ රියදුරන් බියවද්දා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබදව යාපනය පොලීසියට 3 දා තොරතුරු ලැබී තිබේ.
ඒ යාපනයේ පොම්මවේලී ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරකු බියවද්දා රුපියල් 60000 ක මුදලක් හා ඔහුගේ කරේ තිබූ රන් දම්වැල කප්පම් වශයෙන් ලබා ගන්නා ලද සිදු වීමක් සමගය.
අදාල කාන්තාව ත්‍රී රෝද රථ රියදුරන් කැටුව කුළී ගමනක් යන මුවාවෙන් ගොස් යාපනයේ විවිධ ප්‍රදේශ වල ඇය විසින් සැලසුම් කර ඇති නිවාස වලට රියදුරාව උපක්රමශීලීව රැගෙන ගොස් තරුණියන් පිරිසක් යොදවා කප්පම් ලබා ගැනීම ඇයගේ ව්‍යාපාරය වී තිබේ.
කප්පම් වශයෙන් මුදල් හා රන් ආභරණ ලබා නොදෙන්නේ නම් තරුණියන්ට අතවර කිරීමට තැත් කළ බවට පොලීසියට දන්වන බව පවසා ත්‍රී රෝද රථ රියදුරන්ව කාන්තාව විසින් බිය වද්දන බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පොලීසියට පැමිණිලි රැසක් ලැබී ඇති අතර අයව අත් අඩංගුවට ගනීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.