දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගය හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ වසා දැමූ පාසල් සියල්ලම අප්‍රේල් මස 19 දක්වා වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
මෙම සියලුම පාසල් අප්‍රේල් මස 5 වෙනිදා යළි විවෘත කිරීමට නියමිතව තිබුණද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව විසින් ගන්නා ලද තීරණයක් මත පාසල් විවෘත කිරීමට තීරණය වී තිබේ.
පළාතේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමත් ලංකා දෙමළ ගුරු සංගමය ඇතුලු ගුරු සංගම් කීපයක්ම සිසුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් පාසල් විවෘත කිරීම කල් දමන ලෙස කළ ඉල්ලීමට අනුව යාපනයේ පාසල් යළි විවෘත කිරීම අප්‍රේල් මස 19 දක්වා කල් දැමූ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සදහන් කරයි.