යහ පාලන ආණ්ඩුව සමයේ එම ආණ්ඩුවේ සිටි අය තමන්ව නොමරා මැරූ බව හිටපු ජනධිපති මෛත්රීපාල සිරිසේන පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (25) දහවල් පැවති දිවංගත එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරු උත්සවයකට එක් වෙමින් මේ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා බණ්ඩාරනායක හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයත්, ප්රතිපත්තිත් ආරක්ෂා කරගනිමින් රටට වැඩක් කිරීම සඳහා වර්ෂ 2015 දී තමා ජනාධිපති ධූරයට පත් වුවත් ඒ වසර පහ තුළ කිසිවක් කිරීමට ඉඩ නොලැබුණු බව කීය.
යහ පාලන ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලකයින් තමාට වෙඩි තබා නොමැරුවත් ඔවුන් තමාව නොමරා මැරූ බව හේ සිහිපත් කළේය.
වසර පහක් ගතවන තෙක් සැලසුම් කළ වෙනස්කම් කිරීමට ඉඩ නොදී එම කණ්ඩායම දැන් තමාට දෝෂාරෝපණය කරමින් අවලාද නගන බවත්, ඒ කිසිවක් හමුවේ නොසැලී ඉදිරියට යෑමට ශක්තිය හා ධෛර්ය තමන්ට තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී ප්රකාශ කළේය.