මොන දේ කළත් දැන් විශේෂ වෙනසක් නැති බවත් රට පුරා කොවිඩ් ව්‍යාප්ත වී අවසන් බවත් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර අද නුවර දී පැවසීය.
මේ වෙනතුරු රටේ පත්කළ කොවිඩ් මර්ධන කමිටු එකක් සඳහාවත් විශේෂඥ ශ්වසන වෛද්‍යවරයෙක් පත් කර නොතිබූ බව කියන ඔහු ඉදිරියේදී පත් කළත් දැන් කළ හැකි විශේෂ දෙයක් ඉතිරිව නැති බව පැවසුවේය.
දැන් කළ හැක්කේ පවතින තත්වය යටතේ පාලනයට උපදෙස් දීම විනා වැළැක්වීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගැනීම නොවන බව ඔහු පෙන්වා දුන්නේය.