මෛත්‍රීපාල සිරිසේන ගෑවුණු තැනක හෝ සිටින අයෙක් මෙවර පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට නොයැවීමට වගබලා ගන්නා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (08) ප්‍රසිද්ධියේ තහවුරු කළේය.
ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතා ඔහු ප්‍රකාශ කළේ තම වැඩි කැමැත්ත ඇත්තේ මෙවර පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු දැකීම බවය.
“ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දක්ෂයින් සිටිනවා. මේ හවුල්කාර ආණ්ඩුව තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා. ආණුඩුව රැක ගන්න ඔවුන් එක අරමුණක වැඩ කරන බව ඇත්ත. නම්ත් මා කැමතියි පොදුජන එක්සත් පෙරමුණේ වැඩි පිරිසක් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යනවා දකින්න.“ බැසිල් රාජපක්ෂ කීවේය.