හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රජයේ ඉහළ පෙළේ තනතුරක් ලැබෙන බවට ප්‍රකශ වුවද එවැනි තනතුරක් ප්රදානය කිරීමේ කිසිදු සූදානමක් හෝ අදහසක් නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.
ඔහුට ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ව්‍යවස්ථාදායකය තුළ අලුතින් නිර්මාණය කරන ලද තනතුරක් පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක්වුවද මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රධානියකු කිසිදු තැනක නිල වශයෙන් සඳහන් කොට නොමැති බව සඳහන් වේ.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට එරෙහිව මැතිවරණ සමයේදී පවා ප්‍රබල විරොධයක් ගෙනගිය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමද මෙවැනි නව ඉහළ තනතුරක් සඳහා පත්කරන බවට පැවසෙන කතාවට ද මේ වනවිටත් විරෝධය පළකොට තිබේ.
පසුගියදා රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීමේ නිල උත්සවයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි බොහෝදෙනකු බලාපොරොත්තු වුවද එය සිදුනොවූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වූ කැබිනට් අමාත්‍ය ධුර තුනෙන්ද ලැබී ඇත්තේ දෙකක් පමණි.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, කැබිනට් අමාත්‍යධුර සඳහා සුදුසු බවට නම් තුනක් යෝජනා කොට ඇති අතර ඒ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකරගේ නමයි. එයින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාට කැබිනට් අමාත්‍යධුර දෙකක් ලැබුණි.
ඊට අමතරව ඔවුන් විසින් ජාතික ලයිස්තුව සඳහා යෝජනා කෙරුණු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නමද ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු වෙනුවට පත්කෙරුණේ ප්‍රමුඛතා ලයිසතුවේ ඊට පහළින් සිටි ආචාර්ය සුරේන් රාඝවන් ය.