යුක්රේනය ඊයේ (08) දැඩි අගුලු දැමීමක් සිදුකරන බව නිවේදනය කිරීමෙන් පසුව ශ්රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයින් දින නියමයක් නොමැතිව රට තුළ රැඳී සිටිනු ඇත්දැයි ශ්රී ලංකා මහජනතාවගේ අවධානය යොමු වී තිබේ.
රටේ නව අගුලු දැමීම අවම වශයෙන් ජනවාරි 24 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් එරට නව අගුලුදැමීමේ කොන්දේසි යටතේ විදෙස්ගතව සිටින යුක්රේන ජාතිකයන්ට මෙන්ම විදේශිකයන්ට වුවද යුක්රේනය තුළට ඇතුළු වීමට හැකියාව පවතී.
ඒ අනුව මෙරටට ආ යුක්රේන සංචාර කණ්ඩායම්වලට එරට නිදහස් කරන තෙක් ශ්රී ලංකාවේ රැඳී සිටීමට සිදුවන්නේ නැත.
රතු කලාපවල සිටින බවට සලකුණු කර ඇති රටවලින් පැමිණෙන පුද්ගලයන්ට පමණක් ස්වයං හුදකලාව පැනවීමට යුක්රේනය නිවේදනය කර තිබේ.
යුක්රේනයේ මේ වනවිට මිලියනයකට අධික පිරිසක් වෛරසය ආසාදිතයින් ය. දිනකට ආසාදිතයින් 7000ක් පමණ වාර්තා වන නව කොවිඩ් ප්රභේද 5ක් පමණ සොයාගත් රටක් බවට යුක්රේනය පත්ව ඇත.