මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 68ක තොගයක් අද උදෑසන හක්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ ඒකකය සමත් වී ඇත. ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක්ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව සහ මහනුවර පදිංචි අය බව ද පොලිසිය පවසයි.
මෙම යුවල එකිනෙක හඳුනාගෙන තිබෙන්නේ මුහුණු පොතෙනි. ඒ හඳුනා ගැනීමෙන් පසු කාන්තාව විසින් මෙම පුද්ගලයාට මෙම ජාවාරම සම්බන්ධව දැනුවත් කර ඒ සඳහා එක්වන ලෙස යෝජනා කර තිබේ. ඔවුන් දෙදෙනා මේ කටයුත්තට එක් වී ඇත්තේ ඒ අනුවය.
පසුගියදා යුධ හමුදා වෑන් රථයක ප්‍රවාහනය කරමින් තිබියදී පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය විසින් හොරණ දීඅත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන මත ලද තොරෙතුරු ඔස්සේ සිදුකෙරුණු විමර්ශන සහ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම විමර්ශනවලදී හෙළි වුණේ මෙම මත්ද්‍රව්‍ය විදේශ රටක සිට ජාවාරම මෙහෙයවන නඳුන් මධුසංක හෙවත් හරක් කටා නැමති වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ගෙන එන ලද ඒවා බවයි.
ඔවුන් විසින් දේශපාලකයකුට අයත් වැලිගම දොස්තර වත්ත නම් වත්තේ සඟවා තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් ඉවත් කර ගැනුණු බවට වාර්තා වුණු අතර අද මෙලෙස අත්අඩංගුවට පත් වූයේ එසේ සඟවා තිබූ මත්ද්‍රව්‍යද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඒ බව තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.
කිලෝ 68ක්
මුහුනුපොතෙන් හඳුනාගත්තු 2ක්. නුවර ගෑනි ඩීල් එක කරලා තියෙන්නෙ. ප්‍රියස් එක බඩු ගෙනත් එකක.