අද නුවර පෙරහරය. එහෙත් නුවර මල පාලුය. සොහොන් බිමක් සේය. පාලුවට ගිය නුවර නගරයේ බැතිමතුන්ට තහනම්කොට පෙරහර පැවැත්වෙන්නේය. නැට්ටුවෝ මුඛවාඩම් බැඳගෙන නටන්නේය. සියලුම නර්තනාංගවලින් තුනෙන් එකක් පමණක් යොදා ගනිමින් පෙරහර කෙරෙන්නේය.
මේ පස්වරු හය වනවිට නුවර දළදා මන්දිරය අවට හා වැව රවුම දිස්වුණ අන්දමය.