මාතර – සම්පත්-
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් මුඛ ආවරණ නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 18,000 ක දඩ මුදලක් ගෙවීමට නියෝග කළේය.
මෙසේ වැරදි කරුවන් වූයේ මාතර තෙලිජ්ජවිල හෙට්ටිආරච්චිගේ අසේල එරන්ග සහ ඌරු බොක්ක ගමගේ කැලුම් කැලුම් සම්පත් නැමැති දෙදෙනාටය .
මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගත් හෙයින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ඔවුන් දෙදෙනාට මෙසේ දඩ මුදල් ගෙවීමට නියෝග කළේය. ඉකුත්දා නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් මොවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කර ඇත්තේ මුඛ ආවරණ නොමැතිවය .
පසුව මාලිම්බඩ පොලීසියේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මාලිම්බඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක අනිල් ලියනගේ පොලිස් සැරයන් 52376 නිශාන්ත යන නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ .