රුපියල් මිලියන 100ක් පමණ මිලැති හෙරොයින් කිලෝ ග්රෑම් 11ක් ගාල්ල රත්ගම සහ තෙල්වත්ත ප්රදේශවල සිදුකළ වැටලීම්වලදී සොයාගෙන තිබේ.
මෙම මත්කුඩු තොගය මත් ජාවාරම්කරු පොඩි ලැසීට අයත් බවට සැළකේ.
මෙම මත්කුඩු තොගය සමග ටී 56 ගිනි අවි 2ක් සහ රිවෝල්වර් 2ක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.
පොඩි ලැසීගේ මව ද මත්කුඩු ජාවාරම් චෝදනා ලැබ වෙනම කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට මේවා අත්අඩංගුවට ගෙන ඇත.