නතාෂා නෙත්මිණී –
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් මියගිය කොවිඩ් ආසාදිත රැදවියන් එකොළොස් දෙනාගේ දේහයන් පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයන් අධිකරණය නියෝගයන් ලබා දෙන තෙක් සිදුකිරීමට නොහැකි යැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කරයි.
මෙහිදී මියගිය රැඳවියන් හඳුනා ගැනීමේ බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු සියල්ලක්ම ගින්නෙන් විනාශ වී ඇති බැවින් ඔවුන්ට ලබා දී තිබෙන අංකය මත පමණක් හදුනා ගැනීමට සිදුව ඇතැයි අධ්යක්ෂවරයා පැවසිය.
පොලිසීය පැමිණ මොවුන් හඳුනාගැනීමෙන් පසුව ඥාතීන් කැඳවා දේහයන් හඳුනා ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් අටදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව මීට පෙර ප්‍රකාශ කලද ඉතිරි රැදවියන් තිදෙනාගේ පරික්ෂණයන් තහවුරු කර ගැනීමට නොහැකි වුවත් මේ වන විට එම මළසිරුරුද කොවිඩ් ආසාදිත බවට තහවුරු කරගෙන ඇතැයිද අධ්යක්ෂ ෂෙල්ටන් පෙරේරා මහතා සදහන් කරයි.