මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු
- තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයාගෙන කම්හල ලඟට එන්න… පොලිසිය කියයි…..
මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර, කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු නොවී නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටිනා සේවක සේවිකාවන් තම පවුල්වල සියලුම සාමාජිකයන් සමග අවශ්‍ය බඩු බාහිරත් රැගෙන නිරෝධායනය වෙත යොමු කිරීම සඳහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය අසලට පැමිණෙන ලෙස මිනුවන්ගොඩ පොලිසිය මගින් මේ වනවිට ප්රචාරක රථ යොදවා නිවේදනයක් නිකුත් කරමින් හිඳී.
මෙම පුද්ගලයන් ඇඟළුම් ආයතනය වෙත පැමිණීමට තමන්ගේ ප්‍රවාහන ක්‍රමවේදයක් භාවිත කළ යුතු බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සපයා නොමැති බවත් මේ පිළිබඳව කළ විමසීමක දී මිනුවන්ගොඩ පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මේ වනවි පොලිස් මූලස්ථානය නියෝගයක් නිකුත් කරමින් පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන තවත් පොලිස් බල ප්‍රදේශ 12ක ජීවත්වන සේවකයන් නිරෝධායනයට යොමු කිරීම සඳහා අද සවස 6ට ප්‍රථම ඔවුන් නම් කර ඇති පහත සඳහන් ස්ථාන 12 වෙත වාර්තා කළ යුතු බවය.
ඔවුන් මෙම ප්‍රදේශ 12ට පරිබාහිරව ජීවත් වෙන්නේ නම් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතු බවය. මෙම පිළිවෙත කඩන සියලුම පුද්ගලයන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය දන්වා සිටී.
නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් කුමණ හෝ ප්‍රවාහන ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම ස්ථාන 13 වෙත පැමිණීමට කරන උත්සාහය මේ වනවිට බරපතල සෞඛ්‍ය අවදානමක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.