මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තිබෙන රෙදි තොගයක්, මසා නිමකළ ඇඟළුම් තොගයක් සහ මැෂින් ප්‍රමාණයක් සෞඛ්‍ය නීති රීතිවලට එකඟව හෙට (02) දිනයේ දී ඉවත් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කම්හල් ගොඩනැගිලි සියල්ලට විෂබීජ නාශක ඉස දොර ජනෙල් මුද්‍රා තබා පැය 48ක් වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මීට අමරතව භූමියේ සෑම තැනම විෂබීජ හරණය කර ඇති බවත් ඔවුන් තහවුරු කරයි. මේ රෙදිතොග සහ යකඩ පෘෂ්ඨ සහිත යන්ත්‍ර පිටතට ගෙන ගොස් වෙනත් කම්හලක ස්ථාපිත කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තිය සිදු නොවන බවට සහතික විය හැකිදැයි ලංකාසර කළ විමසුමක දී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ දැනට මාසයක් තිස්සේ කම්හල වසා දමා ඇති හෙයින් විෂ බීජ සහිත පෘෂ්ටවලින් ස්වභාවිකවම එම විෂබීජ ඉවත් වී ඇති බවය.
ඊට අමතරව තත්වය වඩාත් තහවුරු කිරීම සඳහා දැඩි විෂබීජ හරණ ක්‍රියාවලියකට ආයතනය ලක් කර ඇති නිසා එවැනි අවදානමක් කොහෙත්ම නොපවතින බව ඔහු තහවුරු කළේය.