මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු .
මිනුවන්ගොඩ පොලිස් ස්ථානය තුළ රඳවාගෙන නිරෝධායනය කිරීම සඳහා තීන්දු කළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අද පාන්දර කුණ්ඩසාල සහ හබරාදූව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
ඒ අනුව නිරෝධායනයට යොමු කළ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 85ක් බව වාර්තා වේ.
අද දිනය තුළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විෂබීජ හරණයට ලක් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.