මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු-
මිනුවන්ගොඩ අවට ගම්මානවල කෙරෙන පී.සී.ආර් පරීක්ෂණවලින් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් හමුවෙමින් ඇති පරිසරයක ජංගම බේකරි රථ හරහා සිදුවන බේකරි කෑම අලෙවිය සිදුකරන්නේ නී ඊට තමන් කිසිම ආකාරයකින් අනුමැතිය ලබා දී නැති වටපිටාවක බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සී.පී අබේසුරිය පවසයි.
මෙම බේකරි කෑම අලෙවි කරනු ලබන්නන් මේ අවදානම් සහිත වකවානුවේ සිය ජංගම රථවලින් ප්‍රදේශය පුරා අලෙවි කිරීම් කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්, ප්රාෙදේශී්ය ලේකම් කාර්යාලයෙන් හෝ පොලිසියෙන් අවසරයක් නැතිව බවත් මේ තත්වය නිරෝධායන නීතියට පටහැනි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙයි.
නිශ්චිත සෞඛ්‍ය ආරක්ෂිත ක්රමවේදවත් භාවිත නොකරන මේ පුද්ගලයන් හරහා කොවිඩ් වෛරසය ප්‍රදේශය පුරා පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.