දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරේ තවත් ආසාදිතයන් 220ක් අද (06) උදෑසන 9 වන විට වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321 බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඊයේ රාත්‍රි 9.40ට කොවිඩ් ආසාදිතයන් 101ක් වාර්තා වී තිබිණි.
මේ සියලුම දෙනා මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට යොමු කර ඇති බවත් රජය නිවේදනය කරයි.