කල්පිටිය, දළුව කස ගස් ආශ්රිත වෙරළ තීරයට (14) අළුයම් කාලයේදී විශාල ප්‍රමාණයේ මිනිමුතු මෝරකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව ධීවරයෝ පවසති.
මෙලෙස වෙරළ තීරයට ගොඩ ගසා ඇති මිනි මුතු මෝරාගේ ප්‍රමාණය කිලෝ දෙදහකට ආසන්න බරකින් යුක්ත බවත්, අඩි විස්සකට ආසන්න දිගකින් යුක්තව ඇති බව කියයි.
මීට දින කිහිපයකට පෙරදී අදාල මිනිමුතු මෝරා නිරුපද්‍රිතව වෙරළ තීරයට ගොඩගසා සිටයදී ධීවරයින් විසින් නැවත ගැඹුරු මුහුදට පලවා හැරීමට කටයුතු කර තිබූ බවද කියයි.
කෙසේ නමුත් මෙසේ මරණයට පත්ව වෙරළ තීරයට ගොඩ ගසා ඇති මෝරාගේ මළ සිරුර කලින් වෙරළට පැමිණ නිරුපද්‍රිතව නැවත මුහුදට මුදාහැරි මෝරාගෙ බවට ධීවරයින් යම්තාක් දුරට සැක පල කරති.
සිද්ධිය සම්බන්ධයෙන් ධිවරයින් වන ජීවි නිළධාරින් ඇතුළු වග කිව යුතු බළධාරින් දැණුවත් කිරීමට කටයුතු කර තිබුණි.