මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයන් හෙට සිට සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව එහි සභාපතිත්වය දරන්නේ නිමල් ජී පුංචිහේවා මහතා ය.
කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ එම්.එම්. මොහොමඩ් මහතා, එස්.බී. දිවාරත්න මහතා, කේ.පී.පී. පතිරණ මහතා, ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සහ 103 (1) ව්‍යවස්ථාවන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ඉහත නම් සඳහන් නිලධාරින් පත් කර ඇත.