විටින් විටි එක් එක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් සේ එක දිගට මාස එක හමාරක් බෝඩිමක් තුළ නිරෝධායනය වී සිටි ඇගලුම් සේවිකාවන් 17 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ අයුරු අද ( 19) කටුනායකින් වාර්තා විය.
මෙම පුද්ගලික කාන්තා නේවාසිකාගාරය තුළ මේ වනවිට 48 දෙනෙක් සිටින බවත් ඉතිරි 31 දෙනා තවදුරටත් එම නේවාසිකාගාරය තුළම නිරෝධායනය කර ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කළේය.
මාස ගණන් මූලික පහසුකම් නැතිව නවාතැන්වල දුක්ඛිතව නිරෝධායනය වන ඇගළුම් සේවිකාවන් ගැන අද උදේ ලංකාසර වාර්තා කළේය.
වැඩිදුර කියවන්න…
ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් අගක් මුලක් නැති නිරෝධායනක… සමහරු හාමතේ….