කොවිඩ් -19 හි දෙවන රැල්ල බ්‍රසීලය යටපත් කරමින් වේගවත් ආක්‍රමණයක යෙදෙන බවත් රෝහල් සහ දැඩි සත්කාර ඒකක පද්ධතිය බිඳ වැටෙමින් ඇති අතර වාර්තාගත දෛනික මරණ සංඛ්‍යාවක් සිදුවෙමින් ඇති බවත් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.
කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදයක් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති බව වාර්තා වේ. මෙම වෛරස සංයෝජනයේ ප්‍රතිවිපාක මාරාන්තික බව විශේෂඥයෝ පවසති.
“ වසංගතයේ ආරම්භයේ සිටම අපි නරකම තත්වයට පත්ව සිටිනවා. සාමාන්‍ය මරණ සංඛ්‍යාවේ ප්‍රමාණය දෙස බැලීමෙන් ඒ ගැන අවබෝධයක් ලබා ගත හැකියි” යැයි සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ගොන්සාලෝ වෙසිනා නෙටෝ මෑතකදී රොයිටර් රූපවාහිනියට පවසා තිබිණි. ”
මේ මාසය තුළ අවස්ථා තුනක දී පැය 24 ක කාලයක් තුළ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බ්‍රසීලය සිය වාර්තාව අලුත් කර තිබේ
ඊයේ (10) බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෛරසයට ගොදුරු වී මිය ගිය ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කළේය. ඒ සංඛ්‍යාව 2,286 ක් විය. සමස්තයක් ලෙස ගත් කල, කොවිඩ් -19 හේතුවෙන් ලෝකයේ පුද්ගලයින් 270,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එක්සත් ජනපදයෙන් පසු දෙවන වැඩිම ජාතික මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රසීලයෙනි.
බ්‍රසීලයේ ප්‍රාන්ත 26 න් 22 ක්ම දැඩි සත්කාර ඒකකයේ කොවිඩ් ආසාදිතයන්ගේ ධාරිතාව 80% ඉක්මවා ඇත. දකුණු ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි, දැඩි සත්කාර ඒකකවල රැඳී සිටීමේ අනුපාතය 103% ඉක්මවා ගොස් තිබේ. අසල්වැසි සැන්ටා කැටරිනාහි මේ වන විටත් කොවිඩ් රොගීන්ගේ ලියාපදංචි ප්‍රමාණය 99% ඉක්මවා ගොස් තිබේ. එය බිඳ වැටීමේ අද්දර පවතී. සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් ඇති බවත් තමන් වෙහෙසට පත්ව සිටින බවත් බ්‍රසීල සෞඛ්‍ය අංශ මාධ්‍යයට පවසා තිබේ.