මාතර – සම්පත්
මාතර බන්ධනාගාරයේ තාප්පය තුළින් තුලින් කිසියම් පාර්සලයක් ඇතුලට විසිකළ සැකකරුවන් දෙදෙනෙකුට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා තිබේ.
ඔවුන් බිය වැද්දීම සඳහා ඉහලට වෙඩි තැබූ බව එම නිලධාරීන් පවසයි. වෙඩිතැබීම හමුවේ මෙම බන්ධනාගාරය අසලට පැමිණි සැකකරුවන් දෙදෙනා පලාගොස් තිබේ.
බන්ධනාගාරය තුළට දමා ඇති පාර්සලේ නිලධාරීන් විසින් ගලවා බැලීමේදී එහි ආරෝපණය කරන ලද ජංගම දුරකථන බැටරි දෙකක් ගෑස් පිර වූ ලයිටරයක් සහ දුම්කොළ විශාල ප්රමාණයක් මෙහි තිබී ඇත.
ජංගම දුරකථන බැටරි මෙලෙස ආරෝපණය කර බන්ධනාගාරය තුළට දැමීම නිසා බන්ධනාගාර සිර මැදිරි තුල ජංගම දුරකථන ඇති බවට නිලධාරීන් මේ වන විට සැක පළ කරමින් විමර්ශන කටයුතු සිදු කරයි.
විශේෂයෙන්ම මීට මසකට අඩු කාලයක් තුලදී නිල්වලා ගඟ දිගේ පැමිණි පුද්ගලයකු හෝ බන්ධනාගාරය තුළට මෙවැනිම පාර්ශවයක් විසි කළ අතර එම පාර්සලයේ ජංගම දුරකථන සහ හෙරොයින් තිබී ඇත. මාතර මූලස්ථාන පොලිසිය සමග බන්ධනාගාර නිලධාරීන් එක්ව මෙම පැමිණි පුද්ගලයන් දෙදෙනා කවුරුන්ද යන්න සොයා බැලීමට විමර්ශනයක් සිදු කරයි.
බන්ධනාගාර නිලධාරීයෙකු මෙම සැකකරුවන් දෙසට වෙඩි තැබීමේදී බිය වූ අනිත් බන්ධනාගාර නිලධාරීන්ද වෙඩි තබා තිබේ . මේ වන විට මාතර බන්ධනාගාරයේ පන්සීයකට අධික රැඳවියන් පිරිසක් සිටී..