ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියා පදිංචිවී ඇති මූල්‍ය සමාගම් හයක් අර්බුදයට ලක්ව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
එම ආයතන යහපාලන රජය බලයට පත්වූ දින සිට පසුගිය අගෝස්තු 31 දා දක්වා ලියාපදිංචි වූ සමාගම් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ශ්‍රි ලංකා මහ බැංකුව යටතේ පසුගිය අගෝස්තු 31 දින වන විට මූල්‍ය සමාගම් 41 ක් ලියාපදිංචි වී ඇත.
රාජ්‍ය ඇමැතිවරයා මූල්‍ය අර්බුදයට ලක්වූ මූල්‍ය සමාගම් ලැයිස්තුවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනූව අර්බුදයට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව 20,160කි. තැන්පතු මුදල රුපියල් මිලියන තුන්දහස් නවසිය හැට පහකි. ( රුපියල් කෝටි 396.5 කි).
ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව 6600ක් වේ . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් හත්සිය විසි එකකි. ( රුපියල් කෝටි 272.1 කි).
ටී.කේ.එස්. ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව තිස් පන් දහස් එකසිය අසූ හතරකි (35,184) . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් හයසිය අනූ එකකි. ( රුපියල් කෝටි 269.1 කි).
ද ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හත් දහස් එකසිය පනස් දෙකකි. (147,152) . තැන්පතු මුදල රුපියල් මිලියන විසි හත් දහස් හාරසීයයකි. ( රුපියල් කෝටි 2740 කි).
ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම. තැන්පතුකරුවන් සංඛ්‍යාව තිස් හත් දහස් පන්සිය අසූ හයකි. (37,586) . තැන්පතු මුදල රුපියල් මිලියන විසි දෙදහස් හයසිය හතළිස් අටකි. ( රුපියල් කෝටි 2264.8 කි).
ස්වර්ණ මහල් ෆිනෑන්ස් සමාගම . තැන්පතුකරුවන් සංඛ්‍යාව නවදහස් හයසිය විසි තුනකි. (9623) . තැන්පතු මුදල රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑ දෙකකි. ( රුපියල් කෝටි 237.2කි).
මෙම මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 29 දා ඇමැති මණ්ඩලය දැනුවත් කළ බව රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.