ජයකාන්ත ලියනගේ – බළපිටිය –
මහා විද්වතෙකු වූ මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා අද (06) සවස අභාවප්‍රාප්ත විය.
කලක් අසනීපයෙන් සිටි ඒ මහතා මිය යනවිට අනූතුන් වැනි වියේ පසුවිය.
ගාල්ල දඩල්ලේ විසූ හෙන්රි ද සිල්වා ගුණසේකර මහතාගේ සහ පොඩිනෝනා ද සිල්වා මහත්මියගේ තුන්වැනි දරුවා ලෙසින් 1927 දෙසැම්බර් මස 18 වැනි දින උපත ලැබූ බන්දුසේන ගූණසේකර මහතා පුහුණු ගුරුවරයකු ලෙසින් ගුරු වෘත්තියට එළඹ පසුව උපාධිධාරියකු වී විදුහල්පතිවරයකු ලෙස සේවය කර තිබේ.
පසුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර තිබේ. ආචාර්ය උපාධිය ලැබ මහාචාර්ය වරයකු ලෙසින් අධ්‍යාපනයට විශාල සේවාවක් ඉටුකර ඇත.
මිය යන තෙක්ම ග්‍රන්ථකරණයේ යෙදුණු ඒ මහතා සාහිත්‍ය විචාර, ළමා කතා. නව කතා, ඓතිහාසික නව කතා ඇතු`ඵ ග්රන්ථ සියයක් පමණ ලියා පළ කොට ඇත. රුහුණේ කලා කරුවන් එක මුතුවක් ඇති කිරීමේ අරමුණින් රුහුණු කලා හවුල පිහිටුවමින් ද කලා කේෂ්ත්‍රයට සේවාවක් ඉටු කළේය
ගාල්ල, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මාවතේ අංක 48 ‘සහනය’ නිවෙසේ දේහය තැන්පත් කර තිබෙන අතර ඇදාහන කටයුතු පසුව දැනුම් දෙයි.